Wednesday, September 15, 2010

බුදුන්ට මල් පහන් පමණක් නොව දරුවනුත් පූජා කල යුතුද?

මා අද දින මාගේ කුඩා දියණිය සමග මාලිගාවට ගියේ අප යහමග යැවීමට දම් දෙසූ බුදු පියාණන් හට ගෞරව දැක්වීමට පමණි. පන්සිල් සමාදම් වෙමින් සිටි අප දෙසට පැමිණි මාලිගාවේ සේවකයකු මාහට කතා කර මෙසේ ඇසීය.

"මහත්තය දරුව පූජා කරන්නද?"

මාගේ පිළිතුර වූයේ,

"අනේ මහත්තය, දරුවනං පූජා කරන්නෙ නෑ. මේ මල් පහන් ටිකනං පූජා කරල යන්නං, ඕනෙනං පඩුරකුත් දාන්නං.

එවිට ඔහු තරමක් තදින්.

"විහිළු නෙමෙයි මහත්තය, දරුව මාස තුනේදි දළදා හාමුදුරුවන්ට පූජා කරාම දරුවට හොඳයි".

එවිට මම මෙසේ පවසා මල් පහන් පමණක් පූජාකර නැවත නිවසට පැමිණියෙමි.

"ඒක විහිළුවක් නෙමෙයි මහත්තයෝ, බුදුබණ වල එහෙම දෙයක් නං මම කොහෙවත් අහල නෑ, ගුඩුබණ පිළිපදින්න මම කැමතිත් නෑ".