Monday, June 7, 2010

පංචායුධය සහ කුඩා දරුවාගේ ආරක්ෂාව

කුඩා කල සිටම බිළිඳුන්ගේ ගෙලෙහි පංචායුධ පළඳා තිබෙනු අප කොතෙකුත් දැක තිබේ. මා අසා ඇත්තේ පංචායුධය දමන්නේ දරුවාගේ ආරක්ෂාවට කියා ය. එහෙත් ඒ පිළිබඳව කුතුහලයක්, මගේ දියණියගේ ගෙලෙහි එය පැළඳවීමට යන තෙක් මා හට නොතිබිණ. දින කිහිපයක් වයසැති බිළිඳෙකුගේ ගෙලෙහි ලෝහමය ආභරණයක් පැළඳවීම එතරම් සුදුසු ක්‍රියාවක් යැයි මට හැඟුනේ නැත. කෙසේ හෝ මෙවන් අවදානමක් ගැනීමට තිබිය යුතු වැදගත් හේතුව කුමක්දැයි දැනගත යුතුමය.

ජාතක කතා පොතේ එන පංචායුධ ජාතකය බොහෝ දෙනෙක් අසා තිබේ. එසේ නැත්නම් එය මෙතනින් හෝ සිංහල තේරුමෙ මෙතනින් කියවා බලා ගත හැක. එම ජාතකයේ හැටියට එම ආයුධ, ශක්ති සම්පන්න ශරීරයක් තිබුණද තැනට සුදුසු නුවණ නැත්තම් එහි ප්‍රයෝජනයක් නැත. එසේනම් එම ප්‍රයෝජනවත් නැති භයානක ආයුධ පහක් කොටා ඇති ලෝහමය ද්‍රව්යක් කිරි කැටියාගේ ගෙලෙහි එල්ලීමෙන් ඔහුට ආරක්ෂාවක් ලැබේද? අපගේ පැරණි සිරිත් විරිත් හෝ දෙමව්පියන්ගේ ආදරය විවේචනයට හෝ හෑල්ලුවට ලක් කිරීමට මා කැමති නැත. එහෙත් කිරිකැටි බිළිඳෙකුට යමක් කිරීමේදී එහි හේතුව නොසෙවීමට තරම් ඔවුන්ගේ මොළ පහලට බැස තිබිණිද?

මා හට හැඟෙන අයුරින් නම් එවන් දෙයක් දරුවකුගේ ගෙලෙහි එල්ලීම ඉතාම අණුවන ක්‍රියාවකි. කුඩා දරුවා ආරක්ෂා කර හැක්කේ ගෙල පැලඳි භයානක ආයුධ කෙටූ ලෝහයකින් නොව දෙමව්පියන්ගේ උනන්දුවෙන් සහ සැලකිල්ලෙනි. යමෙකු එය ආගමානුකූලව තර්කයට බඳුන් කරන්නේ නම් එහිදීද අප කරනුයේ බුදුන් ඉගැන්වූ දෙයට හාත්පසින්ම විරුද්ධ දෙය කිරීමයි.

2 comments:

  1. I fully agree. Some babies get scratched by the damn thing. Not to mention the choke hazard and even the germs from the baby chewing on it and the string. Another stupid & sad case of doing stuff just coz everybody else is doing it too.

    ReplyDelete
  2. +1. My thinking at the time (in Sri Lanka) was that it was very unwise to wear any gold whether it was a child or an adult. Mentioned this to my mother many times then, and eventually ended up avoiding a major hazard. Gold as a measurement of wealth is still a common practice in the culture. Wiered.

    ReplyDelete